පාසලේ ඉතිහාසය
1961 අංක 8 දරණ උපකෘත පාසල් රජයට පවර ගැනීමේ පනත අනුව පැවරුම් නියෝග අංකය 1001 යටතේ රජයට පවරා ගත් රත්මලාන හින්දු විදුහල් භුමියේ කොටසක හො / රත් / කදවල මහා විදුහල පිහිට ඇත.
කඳවල විද්‍යාලයට අයත් භුමි භාගය අක්කර 5 පර්චස් 33කි . මෙම විදුහල ආරම්භ කරනු ලැබුවේ 1969 වර්ෂයේදීය. එතෙක් මෙම ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිංහල පාසලක් නොතිබිණි . ඒ කාලය වන විට මෙම ප්‍රදශේයේ සිංහල පාසලක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. රත්මලාන විජය සමාජය, එස්. එච්.පෙරේරා මහතා හා ධර්මාශ්‍රම විහාරාධිපති හෙවිටියාගල ධම්ම සිද්ධි හිමිපණන් වහන්සේ එකමුතුව එම අවශ්‍යතාවය එවකට අධ්‍යාපන ඇමතිව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමාට දැන්වීමෙන් පසුව හින්දු විදුහල් භූමියෙන් ඉහත සදහන් කල බිම ප්‍රමාණය ලබා ගන්නා ලදී .
1969 පෙබරවාරි මසස 28 වන දින ඊරියගොල්ල මැතිතුමා විසින් මෙම විද්‍යාලයට මුල් ගල තබන ලදී . දැනට ගෘහ විද්‍යාගාරය ලෙස භාවිතා කරන ගොඩනැගිල්ලේ අඩි 60 බිම් ප්‍රමාණයක වැඩ නිම කොට 1969 මැයි මස 10 වන දින විවෘත කරන ලදී . එම විවෘත කිරීමේ උත්සවයට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු හා නිවාස පිළිබඳ උප ඇමති එස් .ද .එස් . ජයසිංහ මැතිතුමන් හා ගුණසේන සමාගමේ අධ්‍යක්ෂක චන්ද්‍රසේන මහතා හා විජය සමාජයේ සභාපති එල්.එස් . සිල්වා මහතා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.පාසලේ මුල් ගුරුවරයා ලෙස 1969 මැයි මස 12 වන දින වැඩ භාරගත් එස්. එච්.පෙරේරා මහතා පාසලේ වැඩකටයුතු කරගෙන ගිය අතර මුල් වරට සිසුන් 17 දෙදෙනක් පාසලට ඇතුලත් කර ගන්නා ලදී.









