විද්‍යාලීයය ආචාර ධර්ම පද්ධතිය හා විනය නීති මාලාව
- උදෑසන 7. 00 ට පෙර පාසලට පැමිණිය යුතුය. තමාට පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටුකළ යුතුය.
- පාසලේ විනය නීති නොකඩවා ආරක්ෂා කළ යුතුය.
- නියමිත නිල ඇඳුම අනිවාර්ය වේ.
- ශිෂ්‍යයන් 1 සිට 9 ශ්‍රේණි දක්වා සුදු අත්කොට කමිසය නිල් කොට කලිසම, කළු සපත්තු කොණ්ඩය කොටට කපා තෙල් ගා පීරා තිබිය යුතුය.
- ශිෂ්‍යයන් 10 සිට 13 ශ්‍රේණි දක්වා සුදු අත්කොට කම්සය, සුදු දිග කලිසම, කළු සපත්තු කොණ්ඩය කොටට කපා තෙල් ගා පීරා තිබිය යුතුය.
- ශිෂ්‍යාවන් 1 සිට 13 ශ්‍රේණිය දක්වා සුදු කර සහිත දණහිස් වැසෙන සුදු ගවුම, ටයිපටිය, සුදු සපත්තු කොණ්ඩය තෙල් ගා කරල් දෙකක් වන සේ ගොතා නිල් රිබන් පටියකින් බැඳීම කළ යුතුය.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පාසල් ලාංඡනය නිසි පරිදි පැළඳීම අනිවාර්ය වේ.
- පාසල් කාලය තුළ ගුරු භවතුන්ගේ අවසරයක් නොමැතිව පන්ති කාමරයෙන් ඉවත් නොවිය යුතුය.
- විදුහලින් බැහැර වන්නේ නම් අදාල සටහන් ගුරු භවතෙකු මගින් තබා ඉන් අනතුරුව විදුහල්පතිතුමාගේ අවසරයකින් යුතුව බැහැර විය යුතුය.
- පාසල් සිනුවට අවනත විය යුතුය.
- පාසල සතු සම්පත් පරෙස්සමෙන් පරිහරණය කළ යුතුය.
- පාසල මගින් සංවිධානය කරනු ලබන විෂය සමගාමී සහ විෂය බාහිර කටයුතු වලට අනිවාර්යයෙන් සහභාගී විය යුතුය.
- ඹබේ ගරුත්වය සහ පාසලේ ගරුත්වය රැකෙන පරිදි ඹබගේ හැසිරීම පවත්වා ගත යුතුය.
- අධ්‍යාපනය යනු දෙමාපිය, ගුරුවරු සහ දරුවන්ගේ දායකත්වයයි. එම නිසා දෙමව්පියන් දරුවන්ගේ දියුණුව සඳහා විශේෂ උනන්දුවක් දැක්විය යුතුය.
- දරුවා දිනපතා වේලාවට පාසලට එවිය යුතු අතර නිල ඇඳුම කෙරෙහි සැලකිළිමත් විය යුතුය.
- බෝවන රෝග පවතින අවස්ථාවල රෝගය සුව වන තුරු දරුවා විදුහලට නොඑවීමට සැලකිළිමත් විය යුතුය.
- දරුවාගේ ඉගෙනීමේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු අතර දුර්වලතා දක්වන්නේ නම් විදුහල්පතිතුමා හමුවී සාකච්ජා කිරීම වැදගත්ය.
- පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු නියම්ත දින වල ගෙවා රිසිට් පතක් ලබා ගත යුතු අතර මෙම පොතෙහි සටහන් කළ යුතුය.
- ඉගෙනීම් කටයුතු කරන කාලය තුළදී විදුහලෙන් බැහැරව යාමට අවසර නොමැති අතර පාසලින් පිටත සිදුවන දේ පිළිබඳව පාසලට වගකීම ගත නොහැක.
- ඔබට වේලාසනින් දරුවාව පාසලෙන් බැහැර ගැනීම අවශ්‍යනම් ඒ බව මව පියා හෝ භාරකරු විසින් විදුහල්පතිතුමාට දැන්විය යුතුය.
යම් සිදුවීමකදී විනය මණ්ඩලයේ තීරණයට අවනත විය යුතුය.








